Saturday, February 12, 2011

ඊජීප්තුව,ටියුනීසියාව හා ෆේස්බූක් (වර්චුවල්) නායකයෝ

ඊජිප්තු ජනාධ්පතිවරයා බලයෙන් පහ කිරීමේ ක්‍රියාදාමයට ෆෙස්බුක් හා ට්විටර් ජාලයන් විශේෂ මෙහෙවරක් ඉටු කල බව...දැන් පුන පුනා බටහිර මාධ්‍ය හා ඇතම් උද්ඝෝෂකයෝ මාධ්‍ය නිවෙදන නිකුත් කරමින් පවසන වටපිටාවක් තුල එක් මාධ්‍යවේදියෙක් අපූරු ප්‍රශ්නයක් යොමු කොට තිබිණ,එනම් ඊලඟට එම රටවල නායකයෝ වන්නේ ආණ්ඩු පෙරලීමට මුල් වු අදාල ෆේස්බුක් කාණ්ඩයේ(group)  පරිපාලකයාද(admin) යන්නයි

බැලු බැල්මට හාස්‍ය ජනක සේ පෙනුනට,යතාර්ථය වන්නේ....මීලඟට නායකත්වය ගැනීම සඳහා කිසිම පිලිගත් දේශපාලන ව්‍යාපාරයක් එම රටවල නොමැති බවයි සති ගණන් මාස ගණන් උද්ගොෂණ කර,පොදු දේපල වලට හානි කොට ජන ජීවිතය අඩාල කොට ආණ්ඩු ගෙදර යැවිය හැකි නමුත්,ආණ්ඩුවට විකල්ප සැලසුම් සහගත දෙශපාලන ව්‍යාපාරයක් නොමැති තැන ඊලඟට එම රට වලට උරුම වන්නේ අස්ථාවර භාවය හා අරාජිකත්වයයි
අපට මෙහිදි නිරායසයෙන්ම මතක් වනුවේ ඇමරිකානු හමුදා විසින් සදාම් හුසේන් බලයෙන් පහකර දැමූ දිනයයි,අද මෙන්ම ඉරාක වැසියො වීදි වලට බැස ඔහුගෙ දුෂඨ පාලනය අවසන් කිරිම පිලිබඳ වීදි වල හුරේ දැමූහ,ඒදා සිට අද දක්වා වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට උරුමය වී ඇත්තේ දිනකට 50ක් 60 ක් වීදි වල මිය යෑමේ ප්‍රචණ්ඩ ක්‍රියා රැලක් සමග ජීවත් වීමේ පාපකර්මය සමග ජීවත් වීමටය,කෙතරම් ඒකාධිපති වුවද සදාම් පාලන සමය තුල එවන් අවිනිශ්චිත බවක්,අරාජිකත්වයක් නොවීය ඔවුන් ව එම තත්වයට ඇද දැමු ප්‍රජාතන්ත්‍රවාදී දෙව දුතයො මෙ වසර අවසන් වීමට පෙර හමුදා ඉවත් කර ගනිමින් පව් සමා කරගැනීමට සැරසෙන්නේ,ඉරාකයේ තත්වය තවත් අවිනිශ්චිත කරවමිනි

රටේ පාලනය ලබා ගැනීමට සමත් හා ආණ්ඩු කිරීමට සමත් දේශපාලන ව්‍යාපාරයක් ආණ්ඩු පෙරලීමේ හා එසේ නොවන අසංවිධානාත්මක ව්‍යාපාරයක් ආණ්ඩු පෙරලීමේ අතර ඇති වෙනස වියයුත්තේ ජනතාවට වග කියන ආකරය අනුවයි,බොහො විට මුබාරක් පාලනය පෙරලු ෆේස්බුක් කාණ්ඩයේ බහුතර අපේක්ෂාව වනු ඇත්තේ,මුබාරක් ගෙදර යවා නැවත සුපුරුදු පරිදි මූනු පොතේ පොස්ට් එකක් කොම්මෙන්ටුවක් දමාගෙන සුපුරුදු ජීවිත ගත කිරීම වීම බොහෝ දුරට ඉඩ ඇත,නමුත් මේ කිසිවෙකුට පාලකයෙක් විසින්   කුමන හෝ ආකාරයකට සමතුලිතව පවත්වාගෙන ගිය රාජ්‍යයේ බල තුලනය පිලිබඳ හෝ ඒ ආශ්‍රිත සංකීර්ණතා පිලිබඳ කිසිම හැඟිමක් තිබේද යන්න ගැටලුවකි.

මුබාරක් සිය ධුරය අතහැරීමට පෙර අන්තිම තුරුම්පුව වශයෙන් යොදා ගත්තේද මේ තත්වයයි ,'මා නොමැති ඊජිප්තුව ලේ විලක් වීමට ඉඩ ඇත එම නිසා මා ඉල්ලා අස් නොවෙමි යනුවෙන් ' ඔහු ප්‍රකාශ කලේ එබැවිනි,කුමන අඩු පාඩු කම් තිබුනද යටාර්ථය මෙයයි,ශක්තිමත් පාලකයෙක් නොමැති රටක් අන් රටවල් වල බලපෑම් ව්ලට ඉතා පහසුවෙන් ගොදුරු වේ...මුබරක් මැතිවරණ නොපැවත්වූ බව අප අසා නැත..ඔහු මැතිවරණයක් මගින් ඉතා පහසුවෙන් ගෙදර යැවීමට පුලුවන් කම තිබිණ......එසේ කිරීමේන් ඊජිප්තු ජනතාවට ඉතා පහසුවේන් මුබාරක් එපා නම් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලබා ගැනෙමට ඉඩ තිබිණ

No comments:

Post a Comment

Categories