.මායාවරුන්ගේ දින දර්ශනය,අනාවැකිකරුවන්ගේ අනාගත වාක්‍ය,විවිධ මිත්‍යා මත මෙ තත්වය තවත් දරුණු කිරීමට තව තවත් හේතු වුනි කෙසේ නමුත් ලෝකයේ භොතික විනාශය පසෙකලා...අලුත්ම මාදිලියේ විනාශයක් පිලිබඳ සලකුනු දැන් ඇරඹි ඇති බව නොයෙකුත් වාර්තා වලින් පිලිඹිබු කෙරේ එය නම් බටහිර ධනවාදය පදනම් කරගත් ලිබරල් ධනවාදී ස්මාජ හා ආර්ථික ක්‍රමයේ විනාශයයි
මේ පසුගිය දින වල ඒ ආශ්‍රිත සිරස්තල වූ මාතෘකා කීපයකි
ඇමෙරිකානු පවුල් ලක්‍ෂ 50ක් නිවෙස් වලින් දොට්ට !
චීන මූල්‍යය ප්‍රතිපත්තිය නිසා බටහිර බංකොලොත්වන ලකුණු
කැරළි උත්සන්න වී ටියුනීසීයානු ජනපති රටින් පලා යයි
චීන මුදල් ඒකකය වන යුආන් ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව නිදහසේ හැසිරීමට ඉඩ නොහැරීම නිසා ඇමෙරිකානු ව්‍යාපාරිකයින්ට ඉන් විශාල හානියක් වන බැවින් වහා එයට පිළියම් යොදන ලෙසටද චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
චීනය බලධාරීන් මැදිහත්වීමෙන් චින මුදල් ඒකකය වන යූවාන් මුදල් ඒකකය ඇමෙරිකානූ ඩොලරයට සාපේක්‍ෂව අව ප්‍රමාණය කරමින් පවත්වාගෙන යයි. මෙම මූල්‍යය අනුපාදය ඇ.ඩොලරයට යුවාන් 6.59 ක් පමණ ප්‍රමාණයකි.
මෙම චීන මුදල් අවප්‍රමාණය කර පවත්වාගෙන යාම හේතුවෙන් චීනය විසින් තම රටෙහි වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් බටහිර වෙළඳපොළ ඉලක්ක කරගනිමින් සාපේක්‍ෂ ලෙස ඉතා අඩු මිලකට ලෝක වෙළඳ පොළ වෙත මුදා හරියි. බටහිර රටවල කර්මාන්ත ශාලා වැසි යමින් එම රටවල විරැකියාව උග්‍රවීමේ ප්‍රධාන සාධකය ලෙස ඇතැම් ආර්ථික විශේෂඥයින් විසින් පෙන්වා දෙන්නේ චීනයේ මෙම මූල්‍ය අනුපාත උපක්‍රමය යි.
පසුගිය දා බ්‍රසීල ජනාධිපති දිල්මා රොවුෂෙෆ් (Dilma Rousseff) විසින් ද චීනයේ මෙම මූල්‍ය උපක්‍රමය නිසා තම රටෙහි විරැකියාව උග්‍ර වෙමින් පවතින බව පවසා සිටියාය. ඇය විසින් මෙම වසර තුළ චීනයට විරුද්ධව මූල්‍ය යුද්ධයක් කළ යුතු බවට දැඩිව පවසා සිටි අතර ඇමෙරිකාව මේ සඳහා වහා පියවර ගත යුතු බවද පවසා සිටියා ය. එහෙත් මෙම සතිය තුළදීම චීනය විසින් ඇමෙරිකානූ යුඬ ශක්තිය අභිබවා යාම හෝ ඒ හා සමානම යුඬ ශක්තියක් ඇති රටක් බවට පත්වීම හේතුවෙන් හෝ මෙය දැන් සීතල යුද්ඬයක් බවට පත්ව ඇත.
ඇතැම් විචාරකයන්ට අනුව චීන මුදල් ඒකකය ඇ.ඩොලරයට සාපේක්‍ෂව නිදැල්ලේ හැසිරීවීමට ඉඩ හැරියහොත් චීනය එක දවසෙන් බංකොලොත් තත්ත්වයට පත්වේ. මෙය විසඳුමක් නැති ප්‍රශ්න ගණයට අයත් වන්නක් බව ඇමෙරිකානු රාජ්‍යය ප්‍රතිපත්ති සම්පාදකයෙකු මෙන්ම බටහිර ප්‍රධානතම දේශපාලන සහා ආර්ථික විද්‍යා විශ්ලේෂකයෙකු වන ඊයන් බ්‍රේමර් (Ian Bremmer) විසින් ද පෙන්වා දේ.යම් ලෙසකින් මෙම චීන මූල්‍යය ප්‍රතිපත්තිය නිසාවෙන් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැන් තිබෙන තත්ත්වයෙනුත් පහළට ඇඳ වැටුණහොත් බටහිර රටවල් විසින් චීනයට විරුද්ධව යුද්ධයක් ප්‍රකාශ කිරීමට ද ඉඩ ඇත.
කෙසේ හෝ මෙම තත්ත්වය නිසාවෙන් බටහිර රටවල් සම්පූර්ණයෙන්ම අස්ථාවර වෙමින් පවතින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දේ. ඊයේ දින (14) ටියුනිසියානු රජය සම්පූර්ණයෙන්ම අස්ථාවර වී එරට අවුරුදු 23 ක් බලයේ සිටි ජනාධිපති බෙන් අලීට (Ben Ali) රටෙන් පළා යාමට සිදු වූ ප්‍රධාන හේතුව ලෙසට ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙම චීන මූල්‍යය ප්‍රතිපත්තියේ වක්‍ර බලපෑමයි. ඉදිරියේදී ඉතාලි රජය ද මෙම හේතුවෙන් සම්පූර්ණයෙන් කඩා වැටේ යැයි ඇතැම් විචාරකයෝ පෙන්වා දේ. ඇමෙරිකානූ ජාතිකයින්ද විරැකියාවේ හිණි පෙත්තටම පැමිණ ඇති අතර බොහෝ ඇමෙරිකානුවන්ට තම නිවසද අහිමීවීමේ ප්‍රවණතාවක් පවතී. මෙය ලෝක යුද්ධයක් නිර්මාණය වීමේ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවද ඇතැම්හූ බිය පළකර සිටිති
ඇමරිකා නිවාස පවරාගැනීම
පසුගිය වසර තුළ රැකියා විරහිත භාවය නිසා නිවාස ණය නොගෙවූ ඇමෙරිකානු පවුල් දස ලක්‍ෂයගේ නිවෙස් එම නිවාස ණය ලබා දුන් ඇමෙරිකානු බැංකු විසින් අත් පත් කර ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ අත්පත් කර ගත් නිවාස දස ලක්‍ෂයේ සංඛ්‍යාව පසුගිය 2010 වසරේ දී පමණක් වන අතර මෙම වසරේ අත්පත් කර ගැනීමට නියමිත නිවාස සංඛ්‍යාව පහලොස් ලක්‍ෂය ඉක්මවිය හැකි බවද සඳහන් වේ.
මේ අතර අවම වශයෙන් මාස දෙකකවත් නිවාස ණය නොගෙවූ පවුල් සංඛ්‍යාව මිලියන 5 (ලක්‍ෂ 50) ක් පමණ වන බව රියැලිටි ට්‍රැක් (RealtyTrac) නම් ඇමෙරිකානු ප්‍රධාන ෆිස්කල් බලයෙන් දේපල පවරා ගෙන විකිණීමේ සමාගම පෙන්වා දේ. මෙසේ නිවාස අහිමී වූවන් සහා අහිමි වීමට නියමිත පිරිස් වැඩි වශයෙන් සිටින ප්‍රාන්ත ලෙස නෙවාඩා, ඇරිසෝනා, ෆ්ලොරීඩා සහා කැලිෆෝනියාව ඉහළින්ම සිටියි.මෙසේ අත්පත් කර ගත් නිවාස දස ලක්‍ෂයේ සංඛ්‍යාව පසුගිය 2010 වසරේ දී පමණක් වන අතර මෙම වසරේ අත්පත් කර ගැනීමට නියමිත නිවාස සංඛ්‍යාව පහලොස් ලක්‍ෂය ඉක්මවිය හැකි බවද සඳහන් වේ.
මින් නෙවාඩා ප්‍රන්තය තුළ සෑම 11 දෙනෙකුගෙන් එක් අයෙකුට නිවසක් අහිමි වී ඇති බවද එය ප්‍රාන්ත අනුව වැඩිම නිවාස අහිමි වූවන් සිටින ප්‍රාන්තය ලෙසද සඳහන් වේ.
තවද, ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ඉල්ලීනෝයි සහා මිචිගන් යන ප්‍රාන්ත වල වෙසෙන ජනතාවගෙන් හරි අඬකට පමණ ඉදිරියේ දී තම නිවාස අහිමි වීමක් සිදු වන බවද වාර්තා වේ.
ඉහත ෆිස්කල් බලයෙන් දේපල පවරා ගෙන විකිණීමේ සමාගමට අනුව පසුගිය වසර තුල පමනක් නිවාස මිලියන 2.9 (ලක්‍ෂ 29) ක් අත්පත් කර ගැනීමට නියමිතව තිබූ අතර එය 2009 වසරට සාපේක්‍ෂව සියයට 1.67 ක වැඩීවීමකි.තවද, ඇරිසෝනා, කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ඉල්ලීනෝයි සහා මිචිගන් යන ප්‍රාන්ත වල වෙසෙන ජනතාවගෙන් හරි අඬකට පමණ ඉදිරියේ දී තම නිවාස අහිමි වීමක් සිදු වන බවද වාර්තා වේ.
එම සංවිධානයේ ජේෂ්ඨ උප සභාපති වන රික් ෂාර්ගා (Rick Sharga) ඇසෝසියෙටඩ් ප්‍රෙස් මාධ්‍යය ආයතනයට පවසා ඇති පරිදි මෙම පිරිස 2011 වසර තුළ තව තවත් වැඩිවිය හැකිය.
ඔහුට අනුව 2010 වසර අවසානයේදී මෙම පවරා ගැනීම් වල අඩුවක් දක්නට ලැබ ඇත්තේ සමහර බැංකු ලිපිගොනු වල පැවති අඩුපාඩු කම් නිසාය.
එහෙත් මෙම වසරේ පළමුවන කාර්තුව තුළ එම නිවාසද පවරා ගැනීමට සියල්ල සූදානම් වෙමින් පවතින බැවින් එම නිවාසද ඉදිරියේ දී පවරා ගැනීමට නියමිත බව ඔහු විසින් ඇ.ෆ්‍රේස් මාධ්‍යය ආයතනය වෙත පවසා ඇත.
මෙලෙස නිවාස අහිමිවීමේ ප්‍රශ්නය සමඟ අමෙරිකාව ආපසු වසර 80 කින් (1930 දක්වා) ආපස්සට යන බව අමෙරිකානු ප්‍රධාන පෙළේ සමාජ සංවිධාන විසින් පෙන්වා දී ඇත. එහෙත් මේ සඳහා කිසිදු විසඳුමක් මේ වනවිට ඉදිරිපත් වීද නොමැත. එවැනි විසඳුමක් ඉදිරිපත් වේ යැයි සිතියද නොහැක. එයට හේතුව ලෙස ප්‍රඥාවන්තයින් (බුද්ධිමතුන් නොවේ) පෙන්වා දෙන්නේ බටහිරයන්ට බටහිරයන් ලෙස සිතන රාමුව තුළ එවැනි විසඳුමක් නැති බවය. විසඳුම ඇත්තේ බටහිර චින්තනයෙන් පිටින් වූ වෙනත් චින්තනයකය. එය බටහිරයන්ට ඝෝචර නොවන්නක් බව ඔවුන් විසින් සංගතව පෙන්වා දේ.එහෙත් මෙම වසරේ පළමුවන කාර්තුව තුළ එම නිවාසද පවරා ගැනීමට සියල්ල සූදානම් වෙමින් පවතින බැවින් එම නිවාසද ඉදිරියේ දී පවරා ගැනීමට නියමිත බව ඔහු විසින් ඇ.ෆ්‍රේස් මාධ්‍යය ආයතනය වෙත පවසා ඇත.
අන්ධයින් සේ අනාගත පරිසර සම්පත් වලට ණය වී අසීමිත ලෙස අධී පරිභෝජන රටාවකට හුරු කරන ධණවාදී ආර්ථික රටාවේ අවසානය මහාපාර හෝ සුසාන භූමිය හෝ බව ඇතැමුන් විසින් පෙන්වා දේ.
ස්වභාව ධර්මයටද දරා ගත හැකි උපරිමයක් වේ. ඉන් එහාට ස්වභාව ධර්මයට දිය හැක්කේ විනාශයම පමණි. එම විනාශය 2012 දෙසැම්බර් 21 වන දිනට පෙර පැමිනෙන බව දිනවකවානු සහිතව දැනසිටි පිරිසක්ද මෙම සක්වලේ වෙත්
අප බලාපොරොත්තු විය යුතු ලෝක විනාශය මෙයද?මෙයින් ගැලවීමට විසඳුම් තිබේද?
No comments:
Post a Comment