
ලංකාවේ ඉවක් බවක් නොමැතිව අලුත්ම ට්‍රෙන්ඩ් වැලඳ ගැනීමේ ට්‍රෙන්ඩ් එකක් 90 දශකයෙ මැද භාගයේ සිට දිස් විය...(90 දශකයේ කියන්නේ මගෙ දැනීමෙ හැටියටයි ) මෙවායේ පොලිටිකල් ට්‍රෙන්ඩ් කීපයක් ද වුහ, 2004 දී සොම හාමුදුරුවො ට්‍රෙන්ඩ්,2008/2009 රණ්විරු ට්‍රෙන්ඩ් (මෙකට ට්‍රෙන්ඩ් එකක් යැයි කිය්නන් සිද්ද වෙන්නෙ හමුදා සොල්දාදුවන් යුද්ද්ය ජයග්රාහි මාවතකට ගෙන ඊමට පෙර ඔවුන් දෙස ඇසක්වත් හැර නොබැලු,පීස් ටොක්ස් වලින් පොලිටිකල් රෙසොලුශන් දෙන්නට කතා කල සමහරු දේශප්‍රෙමි ටොක්ස් දෙන්න ගැනීමට නිසාය ) ,2010 දී SF ට්‍රෙන්ඩ් නමින් ට්‍රෙන්ඩ් ගනනාවක් කිසිදු විචාරයකින් තොරව සීමාවන් ඉක්මවමින් අන්තවාදය කරා ඇදී ගියහ.
මීට වසර 6 කට පෙර සිදු වු සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග අලුතම විවිධ මුහුනුවරින් බෞද්ධාගමික අන්තවාදී සේයා දකින්නට ලැබුනි..පල්ලි වලට පහරදීම්,අන්යාගම්කරණ්යට එරෙහි නීති සම්පාදනයට තැත් කිරීම්(ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනිව ) ආදී දෙවල් වලට උත්සාහයන් තිබුනත් කාලයගී ඇවාමෙන් එව බොහො දුරට සංසිඳි.....සාමකාමී ආගමික තත්වයක් ස්ථාපිත උනී
මෙකි තත්වයක් සමග අනෙකුත් ආගම් වලට ලැබුනු නිදහසත් සමග තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් මතුවීමය....එනම් අනාගමික නමින් පෙනී සිටින පිරිස් ආගම්වාදී වීම නිසා මිනිසාට ඇති වන අගතිය පිලිබඳ දේශනා පැවත්වීමෙ අලුත් ආගමක් ගැන පෙනී සිටීම (මෙය ආගමක් බව ඔවුන් දන්නවාද නොදන්නවාද යන්න මෙ ලෙඛකයා නොදනී එහෙත් මෙ ලෙඛකයාට අනුව එය ආගමකි )
මේ අනාගමිකයන් වැඩිපුර බෞද්ධාගමෙ වැරදි පමනක් විවෙචනය කරන්නේ එය ඔවුන් දන්නා බව සිතාගෙන විය යුතුය ඇත්තෙන්ම ලංකාවෙ බෞද්ධාගම හුදෙක් ආගමක් පමණක් නොව අතීතයෙ සිටම ලංන්කාවේ දේශපාලනය,සංස්කෘතිය ,ජන ජීවිතය මෙ සියල්ලම්ටම බද්ධවු දර්ශනයකි (අප කැමති වූවත් නැතත්)...මෙකී විචාරකයින් කිසිවෙක් වතිකානුවේ දෙශපාලන හැසීරිම්,ඉස්ලාම් ආගමේ නීතිරීති රටෙ සමස්ත පොදු නීතිය අතික්රමණ්ය කිරීම වැනි දේවල් පිලිබඳ කථා නොකරන්නේ ඔවුනට එ දෙවල් වලට වඩා රටේ බහුතර ජනයා ගෙ වැරදි පෙන්වා ඔවුන් නිවැරදි මාර්ගයෙ යැවීමට නම් එකී ප්රයත්නය අපි අගය කරමු
එහෙත් එයින් ඔබේ අනාගමිකත්වය යනු බෞද්ධාගමික විරෝධීතවය කියා කෙනෙකුට පෙනෙ නම් එයට අපිට කරන්නට දෙයක් නැත..මන්ද සිංහ හම පොරවාගෙන සිටියාට හූ කියන විට නරියා හඳුනාගත හැකි බැවිනි
අනාගාමික වීම ආගමික වීමට වඩා අන්තවාදී වීම තරම් ඛෙදවාචකයක් තවත් නැත
පසු සටහන-මෙය ලියන මා ක්‍රියාවෙන් අනගාමිකය......එහෙත් නාමිකව බෞද්ධාගමිකය
මෙය ලිව්වෙ එක හොඳක් හෝ ඇති ආගමක් ඇදහීම මොකවත් නැතුව සිටීමට වඩා යහපත් යැයි මේ ලේඛකයා විශ්වාසකරන බැවිනි
/*මෙය ලියන මා ක්‍රියාවෙන් අනගාමිකය......එහෙත් නාමිකව බෞද්ධාගමිකය*/ ඔය කියල තියෙන්නෙ ඇත්ත. :P
ReplyDeleteකෙනෙක් ඇත්තටම ආගම් විස්වාස කරන්නේ නැත්නම් ශක්තිය තියෙන්න ඕනි මම ආගම් විස්වාස කරන්නේ නෑ කියන්න. :) විස්වාස කරනවා නම් ඇයි වැනෙන්නේ? කියන්න කෝ මම ආගම් විස්වාස කරනවා කියලා.
ReplyDelete"එක හොඳක් හෝ ඇති ආගමක් ඇදහීම මොකවත් නැතුව සිටීමට වඩා යහපත් යැයි මේ ලේඛකයා විශ්වාසකරන බැවිනි"
මේකට බයේද "නාමිකව බෞද්ධාගමික වෙමි" කියල කියන්නේ.... (හික්ස්..)
මේකෙ කියල තියෙන්නෙ ට්‍රෙන්ඩ් එකට,ස්ටයිල් එකට අනාගමික වගේ පෙන්නන අයෙගෙ කෙරුවාව අන්තවාදී එවුන්ටත් එහා කියලා.තමන්ට පොරක් වීමේ වුවමනාව හීනමානය වහගන්න ඔනෙ උනාම ආගම තම ගොඩක් අයට බයිට් එකට පෙන්නේ
ReplyDeletenimmi- සුරාමේරය රකින්නේ නැති නිසා තමයි 100 % බෞද්දයෙක් නොවෙන්නේ මම....මම හෙන බෞද්ධයා කියල බොරුවට කියගන්න මට උවමනාවක් නෑ.......ආගම් තිබීම හොඳයි කියන නිසා තමා ආගමක් නැති අයට ව්ඩා තියෙන කෙනා හොඳයි කියලා කොන්ද පණ් ඇතුව වැන්නෙනේ නැතුව දාල තියෙන්නේ
nimmi -අදම හදිස්සියෙම ප්‍රොෆයිල් එකක් හැදුවේ අඳුන ගනී කියල බයටද?
ReplyDeleteඔය අනාගමික කියන ආගම අදහන අය හුඟදෙනෙක්, පුරුද්දක් විදිහට දුම් නොබීම කරනව. ඒ වගේම විනෝදාංශයක් විදිහට මුද්දර එකතු නොකිරීමත් කරනව.
ReplyDeleteඅනාගමික අය අනික් ආගම් විවෙචනය කරන්නෙ බොරුවට, හොඳේ? ඔය කට්ටිය ක්‍රිස්තියානි හොඳේ. පාප් වහන්සෙටයි මුස්ලිම් කට්ටියටයි විතරනෙ කිව්වත් වැරද්දක් කියන්නෙ. එංගලන්ත සභාව ගැන වචනයක් කියනවද ඔකුන්? ඔය බුද්ධගමට කෙලවන්න තමයි එන්නෙ හරිද. රැවටෙන්න එපා.
ReplyDeleteඔයා කියල තිබුනේ 100% ගැන නෙවීනේ අය්යේ. නමට ආගම වෙනුවෙන් පෙනී හිටියට ඇත්තටම මම අනාගමිකයෙක් කියලනේ. ඒකයි මම එහෙම ලිව්වේ. තරහ ගන්න එපා... :)
ReplyDeleteමම නම් ආගමිකයි. හැබැයි මම නම් නම් ආගමිකයි කියන්නේ නමට නෙමෙයි. මම බෝධියේ ඉන්න දෙය්යො විස්වාස කරනවා. බෝධි පූජාවක් කරගත්තම හිතට ලොකු සහනයක් දැනෙනවා. අටවිසි බුද්ධපූජාව උනත් එහෙමයි. දනක් පිනක් කරන්නෙත් ලෝකෙට පේන්න නෙවී. පිංසිද්ධවෙනවා කියල විස්වාසෙන්.
සුරාව, සූදුව, වෛශ්‍යා වෘත්තිය සහ ආගම කිසිදිනෙක සමාජයෙන් ඉවත් කල නොහැක. ලොකයේ බොහෝ රාජ්‍ය කිසියම් හෝ කලෙක මේවා බලහත් කාරයෙන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත (උදාහරණ: ඇමරිකාව, රුසියාව, චීනය). මෙම උත්සාහයන් සාර්ථක නොවීය. තහනම් කලවිට මෙවා පාතලයට යයි. සෑම රටකම ඇති වෛශ්‍යා වෘත්තිය සහ චීනයෙ ඇති 'පාතාලයෙ ආගම්' බලන්න. එනමුත් සුරාව, සූදුව, වෛශ්‍යා වෘත්තිය සහ ආගම සීමන්තිකව දෝරේ ගලන්නට පටන්ගත්හොත් රටක සමාජ ආර්තික ව්‍යුහය බිඳ වැටේ. භාවිත කිරීමේ නෛතික නිදහස ලබාදෙන ගමන්, එක්තර සීමාවලින් පිටට නොපැනීමට වැටවල් ගසා මෙවා පාලනය කල යුතුය. පාලනය කිරීමට නම් මෙවා නීතිගත විය යුතුය. නීති විරොධී දෙවල් 'පාලනය' කල නොහැක, නීති විරෝධී දෙවල් 'මර්දනය' කිරීම පමනකි කල හැක්කෙ. 'මර්දනය' සාර්ථක නොවන බව අපට ඓතිහාසික දත්ත වලින් පෙනේ.
ReplyDeleteආගම දොරේ ගලා මුලු රටක් යටවීමෙ අවදානමක් ඇති විට, ඊට විරුද්ධව කිසියම් ක්‍රියාකාරිත්වයක් ඇතිවීම අරුමයක් නොවේ. ආගම් විරොධය 'ට්‍රෙන්ඩ්' එකක් බව ඔබ පවසන්නෙ නම්; එයට හේතුව මුලු රටක් ආගමෙන් "ඩෝප්" වීමෙ අවදානම කිසියම් පිරිසකට වැටහීම බවද තෙරුම් ගන්න.
If my earlier sarcasm did not get through to some people, then what I tried to say was that if secularism is a religion, then not collecting stamps is a hobby, and not smoking is a habit. Please also note the difference in following terms.
ReplyDelete"Anaagamika -> Secular"
"Adewawaadhi -> Atheist"
Ritigala Jayasena -මූනත් එක්ක තරහා උනාට බෙල්ල කපා ගත්තම...මුකුත් ඉතිරි වෙන්නේ නෑ නෙද?මූනේ ඇද අරිනවා වෙනුවට මෙගොල්ලො කරන්නේ බෙල්ල කපන එක
ReplyDeleteබෙල්ලෙන් වෙන කාරියම වෙන විදියකට වෙනවානම් බෙල්ල කපාගත්තට අවුලක් නෑ.
ReplyDeleteබෙල්ල අනවශ්යමනම් ස්වභාවික වරණවාදය විසින්ම බෙල්ල නැති කරල දායි. :)
මට හිතුනා බෙල්ල කිව්වම මල්ලිට තේරෙන්නේ නැති වෙයි කියලා.....බෙල්ල වෙනුවට අහවල් එක ආදෙශ කරගෙන බලපන්...වරණ වාදයෙන් නැතුව උඹට විතරක් ඒක නැතිඋනාම වෙන දේ ගැන
ReplyDeleteඑහෙම අයත් කොච්චර ඉන්නවද? අනුන්ගෙ අහවල් එක නැතිවීම ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා.
ReplyDeleteමේ මාතෘකාවට අදාලව කතා කලොත්, ආගමකින් බලාපොරොත්තු වෙන වැඩේම (මෙහිදී ආගම් වල ඇති හොඳ ලක්ෂණ ගනිමු) ආගමක් නැතුව කල හැකිනම් ආගමක් කුමටද?
ඔබෙන් ආගම ඉවත් කල විට "ඔබට කිසිවක්ම ඉතිරි නොවේනම්" (හරියට අරාබියෙන් ඉස්ලාම් ආගම ඉවත් කලා වගේ.) ඔබ ආගමික වන්න. ප්‍රශ්නයක් නෑ.
බුද්ධිමත් මිනිසුන්ට හොඳින් ජීවත් වීමට ආගමක් අවශ්‍ය නැති බව තේරුම් ගනී කියල හිතනවා . :)
"බුද්ධිමත් මිනිසුන්ට හොඳින් ජීවත් වීමට ආගමක් අවශ්‍ය නැති බව තේරුම් ගනී කියල හිතනවා ."
ReplyDeleteඑකම ආගමක්වත් ලොකයේ නොතිබුනානම් හොඳ ,නරක වෙන් කර ගත හැකිද?
සෑම ආගමකම ඒ ඒ ආගමෙ ස්භාවයට ගැලපෙන ශික්ශණයන් (dicipline ) ඇත
එ ශික්ෂණය නොමැතිනම් ඔබ ඔය කියන ආගමක් නොමැති බුද්ධිමතුන්,බුද්ධ්දිමත් නොවන ජනයාගේ කුස පුරවා බොහෝ කල්ය(මිනී මස්)...ආගමක් නොමැති ඔකී බුද්ධිමත් ජනයා නොදන්නේ ආගමික පරිසරයකින් හොඳ නරක යන්තම්වත් සකස් කර නොදුන්න්නා නම් උන්ට පැවත්මක් නොමැති බවය
This comment has been removed by the author.
ReplyDelete[quote]
ReplyDeleteආගමික ආයතන (විශේෂයෙන්ම එබ්‍රහමික ආගම්), නිතරම අපගෙ ඔලු තුලට රිංගවීමට උත්සාහ කරන මතයක් නම්, මිනිසාතුල සදාචාරය (morality) පවතින්නෙ ආගම් විසින් ගොඩනැගූ හර පද්ධති (religious value systems) නිසා බවයි. ආගමික හර පද්ධතීන් නොමැතිකල සදාචාරය මැන බැලීමට රාමුවක් නොමැති නිසා මිනිසා සතුන් මට්ටමට වැටෙන බව පවසමින් සමාජය බිය කිරීම මෙම ආගම් වල පැවත්මේ ප්‍රධාන අංගයකි. මෙම තර්කයේ ප්‍රධාන දුර්වලතා දෙකක් ඇත
(1). බොහෝ ආගම් මුලික වශයෙන් සදාචාරය සම්බන්ධ බොහො කරුනු කාරනා ගැන එකඟවෙ. (සංස්කෘතීන් අතර ඇති සුලු වෙනස් කම් කීපයක් හැරුනු කොට ). ඒ ඒ ආගම් සිය ආගම යනු දෙවියන් වහන්සේ සිය වක්තෘවරුන් හරහා මිනිසාට සදාචාරය ලබාදුන් "නිවැරදිම" ආගම ලෙස තර්ක කලද, අන්තිමේදි සියලුම ආගම් සදාචාරය ගැන එකම දෙය පවසන බව පෙනේ. මෙයින් පෙනීයයන කරුන නම්, ආගම නිසා මිනිසාට සදාචාරය ලැබීමට වඩා, සදාචාරය ගැන මිනිසාතුල ඇති සහජ දැනීම පදනම් කරගෙන ඒ වටා ආගම් ගොඩනැගුන බවයි. ආගමික විශ්වාස සහ ආගමික සුරංගනා කතා නැතිවුවද, සමාජයෙ යහපත සඳහා වන නිර්-ආගමික හර පද්ධතීන් සහ නීතිමය පද්ධතීන් තුලින් සමාජය යහමග ගෙනගිය හැකිබවට එතරම් තර්කයක් නැත. බොහෝ සමාජයන් තුල විනය පවතින්නේ ආගම නිසා නොව, පුද්ගලික හර පද්ධතීන් (personal value systems) සහ නීතිය නිසා බව ඔප්පු කිරීමට අපහසු නොවේ. වර්තමාන ලෝකයේ අපරාධ අඩුම සමාජයන් බොහෝ විට ආගමික නොවේ.
(2). "සතුන් ලෙස හැසිරීම" යනු සදාචාරමය ලෙස පහත් තත්වයක් යයි ආගම් විසින් කීමට උත්සාහ කලද, බොහො සතුන් තුල උන්ට ආවෙනික සදාචරමය හර පද්ධ්තියක් ඇත. එය මිනිසාගේ හර පද්ධ්තියෙන් වෙනස් බව සැබෑය. එනමුත් සතුන් දිවි හිමියෙන් මෙම හර පද්ධතිය පිලිපදී. මිනිසා මෙන් නොව ඔවුන් "රහසේවත්" පවු නොකරයි. සතුන්ට මිනිසාට මෙන් ආගම් නොමැති බව අපි දනිමු. එසේ නම් මෙම හර පද්ධතිය ඔවුන්ට ලැබුනේ කෙසේද?
ආදරය, කරුනාව, සහජීවනය, පරාර්ථකාමය යන "මානව" ගුනාංග ස්වභාවික වරනයෙදී හොමෝ සාපියනස් වරුන් ඇතුලු තවත් බොහෝ සතුන්ට ධානාත්මකව බලපෑවෙ කෙසේද සහ එම ගුනාංග අපගේ ජානගත "හැකියාවන්" බවත් ජාන කේන්ද්‍රීය පරිනාමවාදි මොඩලයෙන් (gene-centered view of evolution) පැහැදිලිකල හැක. 'සදාචාරය' (morality)සම්බන්ධව මිනිසා තුල ඇති හැඟීම් සමාජය විසින් ගොඩනගන ලද බාහිර හර පද්ධතියක් නිසා පමනක් ඇතිවෙන්නක් නොව, එය මිනිසාගෙ අභ්‍යන්තරයේ ඇති ජානගත 'ඉවක්' බව ඩොව්කින්ස් පෙන්වාදෙයි. වෙනත් වචන වලින් කියතොත්, මිනිසාගෙ මොලය තුල එක්තරා අන්දමක 'සදාචාර මාලිමාවක්' (moral compass) ඇත. මෙම මාලිමාවෙන් දක්වන දිශාව අපට ඉවෙන් මෙන් වැටහේ. අප එම දිශාවට විරුද්ධව යන විටදී වරදකාරී හැගීමක් ජනිතවේ. මිනිසා පමනක් නොව බොහෝ සතුන්ටද මෙම මාලිමාව ඇත. කෙතරම් සාගිනි දැනුනද, ආහාර නොමැතිව බඩගින්නේ මියගියද, මාංශභක්ෂක විලෝපීන් සිය වර්ගයට අයත් දුබල සතෙකු මරා නොකයි. කෙසේ වුවද මිනිසාට මෙම මාලිමාවට විරුද්ධව කටයුතු කිරීමට හැකියාව ඇත. බොහෝ සතුන්ට මෙම අභ්‍යන්තර මාලිමාවේ දිශාවට විරුද්ධව යා නොහැක. මෙය මිනිසා සෙසු සතුන්ගෙන් වෙන් වෙන තවත් අවස්ථාවකි
[unquote]
Chathura, I understand your worldview. There are so many in this world who think like you. Please take some time off to read following links to understand an alternative worldview. Please do the reading leisurely. And please read with an open mind. Please don't read it with the thought "I must find counter arguments". But read first to understand the point of view and then you can come back with arguments.
ReplyDeleteසදාචාර මාලිමාව
Eating Meat and Buddhist Moral Code
optionally you can also read
ජෛව පරිණාම වාදය
ආගම හා එහි සංකල්ප නිරන්තර ප්‍රශ්නකිරීම් වලට ලක්කරන ශාස්ත්‍රීය සංවාද වැඩිහිටි සමාජය තුල පැවතීම වැදගත් වන්නෙ ඇයි? මෙවන් සංවාද පැවතීම නිසා ආගම සමාජයෙන් තුරන් වී යාමෙ තර්ජනයක් තිබේද?
ReplyDeleteසංස්කෘතියක නොයෙකුත් රසවත් සෞන්දර්යාත්මක/ආධ්‍යාත්මික පැතිකඩවල් ඇතිවීමට සුරාව මෙන්ම ආගම නිසාද දායකත්වයක් ලැබේ. ආශ්චර්යමත් සංගීත, කලා හා ශාස්ත්‍රීය නිර්මාන බොහොමයක් බිහිව ඇත්තේ එක්කෝ සුරාවෙන්, එක්කෝ ආගමින්, නැතහොත් මේ දෙකෙන්ම 'මත්වූ' මිනිසුන් ගෙනි.
ඔබ සුරාව සමාජයෙන් සපුරා ඉවත් කිරීමට විරුද්ධ පුද්ගලයෙකු යයි සිතමු. එසේ වූවද සුරාවේ ආදිනව ගැන කතාකරන සංවිධාන සහ වැඩමුලු නොතිබිය යුතු යැයිද, ඒ ගැන සමාජය තුල කතිකාවක් ඇතිවිය යුතු නැතයිද කියා ඔබ සිතන්නේ නැහැ නොවේද? ආගම සාමාජයෙන් ඉවත් නොකල යුතු දෙයක් යැයි ඔබ සිතන්නේ නම්, ආගමට විරුද්ධව ඇතිවෙන සංවාද ගැනත් කිව යුත්තේ ඔය ටික මැයි. සුරාවට ඇබ්බැහි නොවූ මිනිසුන් රාශියක් රටකට අවශ්‍යවන්නේ යම්සේද, ආගමකට ඇබ්බැහි නොවූ මිනිසුන්ද ස්වල්පයක් වත් රටක පැවත්ම සඳහා අවශ්‍යයි. මේ මිනිසුන් ස්වල්පය පවත්වාගැනීම වෙනුවෙන් කරන සංවාද ගැන බිය නොවන්න
The complete thoughts are found in this link