Sunday, December 19, 2010

මූලධර්මවාදී ආගමිකයන්ට වඩා අනාගාමිකතවය අන්තවාදී වීම


ලංකාවේ ඉවක් බවක් නොමැතිව අලුත්ම ට්‍රෙන්ඩ් වැලඳ ගැනීමේ ට්‍රෙන්ඩ් එකක් 90 දශකයෙ මැද භාගයේ සිට දිස් විය...(90 දශකයේ කියන්නේ මගෙ දැනීමෙ හැටියටයි ) මෙවායේ පොලිටිකල් ට්‍රෙන්ඩ් කීපයක් ද වුහ, 2004 දී සොම හාමුදුරුවො ට්‍රෙන්ඩ්,2008/2009 රණ්විරු ට්‍රෙන්ඩ් (මෙකට ට්‍රෙන්ඩ් එකක් යැයි කිය්නන් සිද්ද වෙන්නෙ හමුදා සොල්දාදුවන් යුද්ද්ය ජයග්‍රාහි මාවතකට ගෙන ඊමට පෙර ඔවුන් දෙස ඇසක්වත් හැර නොබැලු,පීස් ටොක්ස් වලින් පොලිටිකල් රෙසොලුශන් දෙන්නට කතා කල සමහරු දේශප්‍රෙමි ටොක්ස් දෙන්න ගැනීමට නිසාය ) ,2010 දී SF ට්‍රෙන්ඩ් නමින් ට්‍රෙන්ඩ් ගනනාවක් කිසිදු විචාරයකින් තොරව සීමාවන් ඉක්මවමින් අන්තවාදය කරා ඇදී ගියහ.

මීට වසර 6 කට පෙර සිදු වු සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග අලුතම විවිධ මුහුනුවරින් බෞද්ධාගමික අන්තවාදී සේයා දකින්නට ලැබුනි..පල්ලි වලට පහරදීම්,අන්‍යාගම්කරණ්යට එරෙහි නීති සම්පාදනයට තැත් කිරීම්(ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනිව ) ආදී දෙවල් වලට උත්සාහයන් තිබුනත් කාලයගී ඇවාමෙන් එව බොහො දුරට සංසිඳි.....සාමකාමී ආගමික තත්වයක් ස්ථාපිත උනී

මෙකි තත්වයක් සමග අනෙකුත් ආගම් වලට ලැබුනු නිදහසත් සමග තවත් අලුත් ට්‍රෙන්ඩ් එකක් මතුවීමය....එනම් අනාගමික නමින් පෙනී සිටින පිරිස් ආගම්වාදී වීම නිසා මිනිසාට ඇති වන අගතිය පිලිබඳ දේශනා පැවත්වීමෙ අලුත් ආගමක් ගැන පෙනී සිටීම (මෙය ආගමක් බව ඔවුන් දන්නවාද නොදන්නවාද යන්න මෙ ලෙඛකයා නොදනී එහෙත් මෙ ලෙඛකයාට අනුව එය ආගමකි )

මේ අනාගමිකයන් වැඩිපුර බෞද්ධාගමෙ වැරදි පමනක් විවෙචනය කරන්නේ එය ඔවුන් දන්නා බව සිතාගෙන විය යුතුය ඇත්තෙන්ම ලංකාවෙ බෞද්ධාගම හුදෙක් ආගමක් පමණක් නොව අතීතයෙ සිටම ලංන්කාවේ දේශපාලනය,සංස්කෘතිය ,ජන ජීවිතය මෙ සියල්ලම්ටම බද්ධවු දර්ශනයකි (අප කැමති වූවත් නැතත්)...මෙකී විචාරකයින් කිසිවෙක් වතිකානුවේ දෙශපාලන හැසීරිම්,ඉස්ලාම් ආගමේ නීතිරීති රටෙ සමස්ත පොදු නීතිය අතික්‍රමණ්ය කිරීම වැනි දේවල් පිලිබඳ කථා නොකරන්නේ ඔවුනට එ දෙවල් වලට වඩා රටේ බහුතර ජනයා ගෙ වැරදි පෙන්වා ඔවුන් නිවැරදි මාර්ගයෙ යැවීමට නම් එකී ප්‍රයත්නය අපි අගය කරමු

එහෙත් එයින් ඔබේ අනාගමිකත්වය යනු බෞද්ධාගමික විරෝධීතවය කියා කෙනෙකුට පෙනෙ නම් එයට අපිට කරන්නට දෙයක් නැත..මන්ද සිංහ හම පොරවාගෙන සිටියාට හූ කියන විට නරියා හඳුනාගත හැකි බැවිනි
අනාගාමික වීම ආගමික වීමට වඩා අන්තවාදී වීම තරම් ඛෙදවාචකයක් තවත් නැත


පසු සටහන-මෙය ලියන මා ක්‍රියාවෙන් අනගාමිකය......එහෙත් නාමිකව බෞද්ධාගමිකය
මෙය ලිව්වෙ එක හොඳක් හෝ ඇති ආගමක් ඇදහීම මොකවත් නැතුව සිටීමට වඩා යහපත් යැයි මේ ලේඛකයා විශ්වාසකරන බැවිනි

Sunday, December 12, 2010

රාවණාගේ සාක්ෂි


රාවණා රජු ගැන ජනප්‍රවාදයේ එන කථා හැර ...අපේ ප්‍රධාන ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ හෝ පොලොව යටින් මතු වූ සාක්ෂි ඉතා අල්ප නිසා බොහෝ දෙනා රාවනා යනු මිත්‍යා විශ්වාස මත පදනම් වු චරිතයක් ලෙස සිතා සිටී ,ඉන්දියවේ පක්ෂපාථි ලෙස ලි‍යැවුනු රාමයනය ද රාවන් චරිතය විකෘති කිරීමට බොහෝ දායකථ්වයක් දී ඇති බව පෙනීයයි .

පහත දැක්වෙනේ රාවන ආශ්‍රිතව බැඳුනු සංකේත කිහිපයකි



රාවනාගේ කොඩිය 1818 වන තුරුම සිංහල සේනාවේ එක
සේනාංකයක් නියොජනය කල කොඩිය වේ


අවලොකිතෙෂවර බෝධිසත්ව පිලිමය ලෙස හඳුන්වන......මාලිගාවිල රාවනා පිලිමය......තවමත් මෙය නිසි පරිදි හඳුනා ගෙන නැත......බොදිසත්ව වන්දනාව ලංකාව තුල මුල් බැස නොතිබු බැවින් මෙය රාවනා රජුගේ පිලිමයක් ‍යැයි සැක කෙරේ

Categories