Friday, February 19, 2010

කරුණා අම්මාන් සහ සරත් ෆොන්සේකා අතර වෙනස

Thursday, 18 February 2010

කරුණා අම්මාන් වැනි ත්‍රස්තවාදියෙක්™ යහතින් වැජඹෙද්දී සහ රජයේ ඇමතිකමක්ද දරද්දී සරත් ෆොන්සේකා වැනි වීරයෙක්™ සිරගත කිරීම වැරදි යෑයි ඇතැම් අය කියති. අපි එම පුද්ගලයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට පළමුව ගරු කරමු. අපගේ අදහස් කීපයක්ද මෙලෙස දක්වන්නෙමු.



පලමුව කීමට ඇත්තේ කරුණා අම්මාන්ට එදිරිව එජාප ජවිපෙ සහ කොටි හවුල කියන චෝදනා වලට තිබෙන සාක්ෂි මෙනවාද යන්නයි. එලෙස ඔවුන්ට චෝදනා තිබේනම් අන්තර්ජාලය තුලත්, වෙනත් ජනමාධ්‍ය තුලත් කතා කරමින්, "කමෙන්ට්ස්" දමමින් සිටීමෙන් පලක් නැත, වහා ඔහුට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගත යුතුය. වරදකරුවන්ට නීතිය මගින් නිසි දඬුවම් දිය යුතුය, නැතහොත් එය වැරදි පූර්වාදර්ශයකි. නමුත් එජාප ජවිපෙ සහ කොටි හවුල තවමත් ගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් නැත, ගන්නේද නැත, අඩුම තරමින් කරුණා අම්මාන් කළායැයි කියන වැරදි නිවැරදිව සහ සාක්ෂි සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේවත් නැත.

එසේනම් කරුණා අම්මාන් කළායැයි කියන බරපතල වැරදි වන "දළදා මාලිගාව පිපිරෙව්වා™, පොලිස් නිලධාරීන් 600 ක් මැරුවා™" ය කියන කතාවද, විමල් වීරවංශ මහතාගේ මාලිගාව™, බැසිල් රාජපක්ෂ මහතාගේ පොල් ඉඩම™, ගෝඨාභය මහතාගේ හෝටලය™, නාමල් රාජපක්ෂ මහතාගේ සුඛෝපභෝගී කාර්එක™, මහින්ද මහතා මිලදීගත් ස්වර්ණවාහිනිය™ වැනි තවත් එජාප+ජවිපෙ විසින් ගොඩ නගා ඔවුන්ගේ සුප්‍රසිද්ධ මඩ වෙබ් අඩවි වල පළ කරන ලද ප්‍රබන්ධයක්දැයි සාධාරණ සැකයක් අපට ඇතිවීම නොවැලක්විය හැකි කාරණයකි.

සරත් ෆොන්සේකා මෙන්ම කරුණා අම්මාන්ද අතීතයේ වැරදි කර තිබෙන බව සත්‍යකි. නමුත් විශේෂයෙන්ම සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඇත්තේ වර්තමානයත් අනාගතයත් පිළිබඳ ප්‍රශ්නයකි. කරුණා අම්මාන් බටහිර බලවතුන්ගේ වුවමනාවට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට සාක්‍ෂි දීමට යන්නේ නැත. තම ප්‍රතිවාදීන් සිරගත කර මුළු රටම විසාලා මහනුවරක්‌ බවට පත්කිරීමට ඔවුන් පිඹුරුපත් සකස්‌ කරන්නේද නැත. කරුණා හා සරත් ෆොන්සේකා අතර තිබෙන ප්‍රධාන වෙනස එයයි.

කරුණා අම්මාන් කළින් කළායැයි කියන වැරදි වලට ඔහුට නීත්‍යානුකූලව හෝ නීතියට පිටින් දඬුවම් දිය යුතුයි කියන අයට කීමට තවත් කාරණාවක් තිබේ. එනම් එදා 88/89 දී එජාපය සහ ජවිපෙ කරන ලද අපරාධ වලටද දඬුවම් දිය යුතුය. තරුණයින් ලක්ෂ ගනණාවක් අමු අමුවේ මරා දමමින්, භික්ෂූන් වහන්සේලා සිය ගණන් පාරවල් වල මරා දමමින්, රටේ සිටි උගතුන් සහ බුද්ධිමතුන්ව ඝාතනය කරමින්, රටේ කෝටි ගනණාවක් වටිනා පොදු දේපල විනාශ කරමින් කරන ලද එම විනාශය වෙනුවෙන් එදා ජවිපේ සිටි දනට සිටින නායකයා වන සෝමහංස ටද රනිල් වික්‍රමසිංහටද නිසි දඬුවම් දිය යුතුය. මේවා කියන විට එජාප ජවිපෙ හවුලේ සහායකයින් බූමිතෙල් ගෑවුන ගැරඬින් මෙන් දැඟලීමට ගනී.

කරුණා අම්මාන් යනු කොටියෙක්යැයි කියන අය කොටි සංවිධානය සහ කරුණා අම්මාන් අතර දැන් තිබෙන සම්බන්ධතාවය තේරුම් ගත යුතුය. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ කරුණා අම්මාන් තම ජනතාව ඉදිරියේදී ප්‍රසිද්ධියේ කොටි සංවිධානය විවේචනය කරන ආකාරයයි. රනිල් සහ ෆොන්සේකා මෙන් තන තැන දිව දෙකේ කතා නොකීම ගැන අපි ඔහුට ස්තුතිවන්ත විය යුතුය. එහිදී එම වීඩියෝව විවේචනය කරමින් සහ කරුණාට අපහාස කරමින් ජාත්‍යන්තර කොටි හිතවාදීන් දමා ඇති "කමෙන්ට්ස්" අනුවම කරුණා ගැන ජා‍ත්‍යන්තර කොටින්ගේ ආකල්පය මනැවින් පැහැදිලි වේ.



කරුණා අම්මාන්ගේ කතාවේ ඉතිරි කොටස්
Part2 Part3 Part4 Part5 Part6 Part7

කරුණා ගැන අන්තර්ජාඅතික කොටින්, karuna021 නම් එම යුටුයුබ් චැනලයේ වීඩියෝ වල දමා ඇති "කමෙන්ට්ස්" සමහරක් පහත දැක්වේ.


Karuna is counting on his days.
by: senthilvpc

Let the time decide who is smart?. You will realize this when karuna and other sinhalese mass murderers are lying as pieces in the colombo streets.
by: senthilvpc

"We tamils"?. who told you are tamils?. Tamils dont make difference between traitors and sinhalese. As i said, you may read news that mahinda and karuna was killed by a bomb attack
by: senthilvpc

he said because of some travelling trouble he made it late to the meeting but the fact is that he was licking rajapuckshe's **********
by: raghul2hacker

வாழ்க வளமுடன் ..ஆனால் உன்னை என்றும் தமிழீழம் மன்னிக்காது ..
உனது வீர செயல்கள் எல்லாம் நினைக்கும் போது தேகம் சிலிர்க்கிறது ..
by: eelapuyal
(කරුණාකර අපගේ දෙමළ පරිවර්තකය මගින් දෙමළ වැකි පරිවර්තනය කිරීමට උත්සාහ ගන්න.)

ஏனடா தமிழீழத்தை அளித்தாய் துரோகி .வெறும் காசுக்கும் இளம் பெண்களின்
உடலுக்கும் .ஆசைபட்டு துரோகம் செய்து விட்டாயே காம வெறியனே கருணாவே .
by: eelapuyal

bastard
by: KUMAR527

இனத்துரோகி, ஈனப்பிறவி, இவனை பெத்தவள் எட்டப்பன் வம்சம்தான்
by: rayleno222

This Traitor was praising Tamils one year back... Now he is praising Sinhalese...
by: tamilvengai

TRAITOR,
by: deli067


අප පසුගිය කාලයේ දුටුවේ කොටින්ගේත් එජාප සහ ජවිපෙ පාක්ෂිමයින්ගේත් පොදු සතුරා වන මහින්ද මහතාට එරෙහිව අලි, කොටි, සීනු නාඩගමක් යන ආකාරයයි. මෙහිදී කොටින් විසින් සරත් ෆොන්සේකා වෙනුවෙන් (නමුත් අපි දන්නා ආකාරයට සරත් ෆොන්සේකාගේ අනුදැනුමකින් තොරව ) වීඩියෝ අප්ලෝඩ් කළ බවද ප්‍රකථ කාරනයකි. ජාතියේ පොදු සතුරා වන අන්තර්ජාතික කොටි සමග දැන් එකට සිටගෙන සිටින්නේත් කොටින්ට විරුද්ධව නැගී සිටින්නේත් කවුද කියා දැන් ඔබට පැහැදිලි වේ. මෙහිදී සිදු වී ඇත්තේ කරුණා කොටින්ට විරුද්ධව කතා කරද්දී සරත් ෆොන්සේකා කොටි සමග එකට සිටගැනීමයි. ෆොන්සේකා යනු රටේ අනාගත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි.

එදා කරුණා අම්මාන් කොටින්ගෙන් කැඩී ගිය විට එහි ගෞරවය ලබාගැනීමට රනිල් වික්‍රමසිංහ මහත් වෙහෙසක් ගත්තේය. නමුත් කරුණා අම්මාන්ව කොටින්ගෙන් කැඩීම සිදු කළේ මිලේනියම් සිටි සිද්ධියේදී පාවාදෙන ලද මහසොහොන් බලකාය විසිනි. යම් හෙයකින් කරුණා, එජාපය තෝරාගත්තේනම් අද ඔවුන් කරුණාට විරුද්ධව වචනයක්වත් කියන්නේ නැත. දේශපාලන යතාර්ථය එයයි.

ප්‍රභාකරන් කරුණා ට එදිරිව යුධ ප්‍රකාශ කළ විට කරුණා කළේ තමන්ගේ හමුදාව විසුරුවා හැරීමයි. එනම් ඔහුට "තමා නියෝජනය" කළ පිරිස පිලිබඳ තිබුන ආදරය නිසයි. එහිදී කරුණා තමාගේ ජීවිතය බේරාගත්තා පමණක් නොව තවත් 6000 පමණ පමණ අවිආයුධ ගත් දෙමල තරුණයින්ගේ ජීවිතද බේරා ගත්තේය. දැන් එම පිරිස පුනරුත්ථාපනය වෙමින් පවතී. නමුත් සරත් ෆොන්සේකා කලේ කුමක්ද... තම ජනපතිවරා සමග ඇතිවූ හුදු ක්‍රෝධය නිසාම "තමා නියෝජනය" කළ මුළු හමුදාවම ජාත්‍යන්තරයට පාවා දීම නොවේද? එනයින් ගත් කළ වඩාත් ශ්‍රේෂ්ඨ කවුද?


එදා නැගෙනහිර "සෝමපුර" සිට "සිලාවතුර" හරහා "වාකරේ" දක්වා ගිය ජයග්‍රාහී සටනේදී අප හමුදාවට සිදුවූයේ ඉතාමත්ම අවම හානියකි. එයට හේතුව කරුණාගේ කණ්ඩායම මානුශික මෙහෙයුමට උපරිම දායකත්වයක් ලබාදීමයි. එහිදී කරුණා අම්මාන් පෞද්ගලිකව යුධ භූමියේදී සටනට දායකත්වය ලබා දී තිබුනි. අවසානයේදී පිල්ලෙයන් කරුණාගෙන් විරසක වීමටද හේතු වූයේ කරුණා සහ අප ආරක්ෂක හමුදාව අතර තිබුන එම බැඳීමයි. එලෙස කැප කිරීමක් කළ කරුණා අම්මාන්ට දැනි නිසි ගෞරවය ලැබී තිබේ. නමුත් යුධ පිටියට කිසි දිනෙක නොගිය සරත් ෆොන්සේකා ඒ දිනවල කොළඹ සීත කාමර වල සිට කරන ලද දේවල් දැන් ඔහුගේ ඥාතීන්ගේ සේප්පු තුලින් මතු වේ.

එදා කොනොප්පු බණ්ඩාර පරංගින් සමග එක්වී සිටි විට ඔහු ද්‍රෝහියෙකි. නමුත් පරංගින් අතහැර සිංහලයා සමග එක් වී සිංහල කිරුළ ගෙන විමලධර්මසූරිය ලෙස රාජ්‍යත්වයට පත් වූ විට ඔහු වීරයෙක් විය. එසේම ඇහැළේපොල අදිකාරම් තුමා සිංහලේ මහරජතුමා සමග සිටින විට ඔහු වීරයෙකි. නමුත් ඔහු සිංහලය පාවාදී සුද්දන් සමග එක්වූ විට ඔහු ද්‍රෝහියෙක් විය. ඉතිහාසගත යතාර්ථය එයයි.

අප දන්නා පරිදි අංගුලිමාල මිනිසුන් 999 දෙනෙකු මරා දමන ලදී. කරුණාට එතරම් චෝදනාවක් නැත. නමුත් අවසානයේදී අංගුලිමාල බුදුන් හමුවේ ඒහිභික්ෂු භාවයෙන් රහත් පදවිය ලද්දේය. එසේනම් කරුණා අම්මාන්ට යහපත් පුරවැසියෙක් වීමට නොහැකි ඇයි. අනෙක් අතට ඔහු කළින් සිටි කොට් සාමාජිකයෙක් නිසා ජාත්‍යන්තරය ඉදිරියේ කොටින්ගේ නිරුවත ප්‍රකාශ කිරීමට ඔහුව යොදාගැනීම ඉතාමත් සුදුසුය. රජය එය කරමින් සිටියි. අනෙක් අතට පැවිදි වුන පසුවත් අංගුලිමාල මනුෂ්‍ය ඝාතන සිදු කළේනම් කොසොල් රජතුමාගෙන් ඔහුට කිසිම් සමාවක් ලැබෙන්නේ නැත. එය සරත්ටද පොදුය

අවසාන වශයෙන් කිව හැක්කේ, තම වරද හඳුනාගෙන නිවැරදි මාවතට පැමිණ අප රට කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවාගැනීමට සහයෝගය දැක්වූ කරුණා අම්මාන් වීරයෙකි. නමුත් මානුශික මෙහෙයුමේදී යම් දායකත්වයක් ලබා දුන්නද, හුදු පළිගනීම මතම අවසානයේදී අප රට රැකගත් රණවිරුවන්ව සහ එහි දේශපාලන නායකත්වය පෝරකයට යැවීමට බලාපොරොත්තු වෙන, තම දේශපාලන ප්‍රතිවාදීන්ගේ ඇටකටු කැඩීමට බලාපොරොත්තු වෙන සරත් පොන්සේකා වීරයෙක් ලෙස සැලකීමට නොහැකිය.

Read more: http://www.helahada.com/#ixzz0fyFcqR5Y

No comments:

Post a Comment

Categories