Thursday, February 11, 2010

මහ රැජින හා මල්වත්තේ මහානායක හාමුදුරුවෝ

ටෝනි බ්ලෙයාර්, ජෝර්ජ් බුෂ් සමඟ සදාම් හුසේන් පස්සේ යන්න තීරණය කල් විට එංගලන්තයේ මහ රැජින ඊට විරුද්ධව කතා කලා නම් රැජිනට වෙන්නේ කුමක්ද? නැත්නම් ටෝනිට වෙන්නේ කුමක්ද? මල්වත්තේ හමුදුරුවන් සරත් ෆොන්සේකා හිරභාරයට ගැනීමට විරුද්ධව කල ප්‍රකාශනය මේ වගේ ප්‍රශ්නයක් නොවේද? හැම නරක දෙයකින්ම හොඳක් ද සිදුවිය හැකි අන්දමට, “දේශපාලකයින්ට මගේ පන්සලට එන්නට ඉඩ නොදීමට මට තීරණය කිරීමට සිදුව ඇත,” යන අවභොධය උන්වන්සේට දැන්වත් තේරුනා නම් එය උන්වන්සේටත් රටට හා ජාතියටත් මහඟු සේවයකි. සෑම දේශපාලන කොල්ලන්-බල්ලන්, අට පිරිකර සමඟ පන්සලට වද්දා ගැනීමෙන් පන්සල බාල්දුවට ලක් කර ගත්තේ උන්වනහ්සේගේ හිත හොඳකම නිසාද නැත්නම් මෝඩ කම නිසාද යන ප්‍රශ්නය අසන්නට සිදුවීම ගැන උපතින්ම බෞද්ධයෙකු වීමේ භාග්‍යය ලත් මට යම් හිත් වේදනාවක් ගෙනදේ.
මුහුදුබඩ පන්සල් වල හාමුදුරුවරු 1505 දී ආරම්භ වූ විදේශ ක්‍රිස්තියානි බලවේග වලින් ලංකාව බේරා ගෙන රට-ජාතිය-ආගම රැක දුන්නේ මල්වත්තේ පන්සල නොවේ. දකුණු ආසියාවේ වැඩියෙන්ම ක්‍රිස්තියානීකරණය හරිගිය රට ලංකාවය. නමුත් 1956 වන විට හෝ ඊට පෙර 1860-80 ගනන් වල බුද්ධාගම රැක ගත්තේ වලානේ (පානදුර) සිද්ධාර්ථ, මිගෙට්ටුවත්තේ ගුනානන්ද, හික්කඩුවේ සුමංගල ඇතුළු පහතරට හාමුදුරුවරුන් රැසක් විසිනි.
සුද්දන් කලේ මල්වත්තේ හා අස්ගිරියේ මහනායක හාමුදුරුවරුන්ව ඔවුන්ගේ අත්කොලු ලෙස තබා ගැනීමය. මෙය ඔවුන් එංගලන්තයේ තමන්ගේ රජුට-රැජිනට හෝ සාමිවරුන්ට කල දේට සමානය. මේ හාමුදුරුවරුන් දෙදෙනාට රටේ සමාජයීය හෝ ආර්ථික හෝ කාරනා ගැන කතා කිරීමට ඔවුන් ඉඩ දුන්නේ නැත. එවැනි දෙයක් කිරීමට අඩු ගනනේ 1948 න් පසුවවත් ඔවුන් ඉදිරිපත් වූ බවට ශාක්‍ෂි ද නැත. ඒ වෙනුවට බුද්ධාගම නඟා සිටුවීමට පන්සල් ආදායමෙන් ධනය වියදම් කලා ද නැද්ද යන්නද මම නොදනිමි. දළදා මාලිගාවට ලැබෙන ධනය වියදම් කරන්නේ කෙසේද කියා ද අපි නොදනිමු. අන්‍යාගම් කරණය පිලිඹඳ 2008 වාර්තාව ක්‍රියාවට ගැන්වීමට මේ නුවර මහ පන්සල් දෙක මොන ආකාරයෙන් දායක වනවාද, වුනාද කියාද අපි නොදනිමු.
නoeසේ නම් චතුරාර්‍ය සත්‍යය, ආර්‍ය අෂ්ටාංගික මාර්ගය, ශීල-සමාධි-ප්‍රඥා ප්‍රගුන කරමින් භාවනානු යෝගීව මේ හාමුදුරුවරු නිවන් සුවය සොයා වීර්‍ය වඩනවාද? තමන්ගේ ලඟ නෑයෙකුට පන්සලේ අධිපති ධූරය ලබා දීමට වඩා ප්‍රශ්නයක් මේ මහානායක හාමුදුරුවරුන්ට තිබුනාද?
මිලිටරි නීතිය හා දේශපාලන ගොදුරක් වීම
රෝමයේ වටිකන් ආයතනය මෙන් නොව මේ මහානායක හාමුදුරුවරුන්ට ලෝක දේශපාලනය, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, ඉතිහාසය, දේශපාලන විද්‍යාව කියා දෙන කෙනෙක් නැත. උන්වන්සේලා ඒ ගැන උනන්දුවක් දක්වනවාද කියාවත් මම නොදනිමි. පනසලට වී සිටීමෙන් ලිඳේ ඉන්නා ගෙම්බන් ගේ ගනයට මේ වහන්සේලා වැටීම ගැන මට ඇති දුක හා භය නම් ඇමරිකානු තානාපති හෝ වෙන විදේශ බලවේග හෝ පිදුරු ගහක හෝ එල්ලීමට බලා සිටිනා වැලේ වැල් නැතුව ගිය රනිල්ලා, කරු ජයසූරියලා ආමි ජෙනරාල්ට කල දේම මල්වත්තේ මහානායක හාමුදුරුවන්ටද කරාවිද යන්නය. කානුවක තිබූ සාම්පල් චන්ද පත්‍රිකා පෙන්නා හමුදුරුවන්ව මැතිවරණ කොමසාරිස් කරන්නට කරු ජයසූරිය ලඟදී ගත් උත්සාහය නිදර්ශනයකි. මේ ලනු කෑවොත් අමාරුවේ වැටෙන්නේ හමුදුරුවන් පමනක් නොවේ. මහානායක තනතුර රටේ තනතුරක් නිසා මුලු රටමය.
වෙනත් පුරවැසියන්ට වගේම තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක්, නිදහසක් මහානායක හාමුදුරුවරුන්ට ද තිබේ. නමුත් එම අයිතිය පාවිච්චි කිරීමේදී අති මහත් වගකීමක් මෙම හමුදුරුවරුන්ට පැවරේ. ඊට හේතුව එවැනි ප්‍රකාශන මඟින් දේශපාලනය නමැති කුණු කැත ගොඩට හාමුදුරුවන්ද නොදැනම ඇද වැටීමය. මල්වත්තේ හාමුදුරුවන් රටේ මිලිටරි නීතිය ඉගෙන ගෙන නැත. මේ නිසා මේ යටතේ ගත් තීරණ ගැන ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීමට පෙර උන්වහන්සේ ඒ ගැන විමසා බැලිය යුතුය. එසේ නොකිරීමෙන් උන්වහන්සේ කරණුයේ අප වැනි අයට උන්වහන්සේ ගැන මෙවැනි ලිපි ලිවීමට බල කර වීමය. මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමට පෙර ගොඨාභය රාජපක්‍ෂට ටෙලිෆෝන් කෝල් එකක් දීමට උන්වහන්සේට යුතුකමක් හා වගකීමක් ලව්කික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද ඇත. යම් කතාවක එක පැත්තක් නොව දෙපැත්තක් හෝ පැති කීපයක්ම ඇතිබව හාමුදුරුවෝ දන්නා බව නිසැකය.
මිලිටරි නීතියට අමතරව රටේ සිවිල් නීතියක් ද ඇත. කිසිම කෙනෙක්, දුටුගැමුනු මහරජතුමා නැවත ඉපදුනොත් ඔහුට වත්, මේ රටේ ලෝකයේ හැම දෙනාම දැන් ගයන ගීතය වන් රූල් ඔෆ් ලෝ වලින් ගැලවීමට නොහැකිය. මෙහිදී මහානායකය හමුදුරුවන් වහන්සේ පොඩිලමයෙකුගේ ගනයට වැටෙන්නේ, පුලුවන්නම් තමාව අත් අඩංගුවට ගන්නා ලෙස ආමි ජෙනරාල්ම කීපවරක්ම කියූ නිසාය. එසේ කිව් කෙනෙකු නම්බුකාර ලෙස යනවා මිස බලෙන් ඇදගෙන යෑමේ අවාසනාවන්ත තත්වයට වැටීමම මේ ගැන අදහසක් පල නොකර තුෂ්නිම්භූතව සිටීමට ඉඟියක් නොවේ ද? දැන් බෝම්බ හා මරන තර්ජන නොමැති නිසා හාමුදුරුවන් බන භාවනාවේ යෙදෙමින් පන්සලේ දොරවල් වසා ගෙන සිටිනවා නම් පන්සලටත්, හාමුදුරුවන්ටත්, රට ජාතියටත් කරන ධර්මිෂ්ට සේවයක් ය කියා මට සිතේ.
මිනිසුන් තමන්ට සිදුවූ දේශපාලන පලිගැනීම් ගැන එවූ ෆ්යිල් මිටියක් තිබෙන බව හාමුදුරුවෝ කියයි. හාමුදුරුවන්ගේ කතාව ප්‍රසිද්ධ කරන්නේ යූ.ඇන්.පී පත්තරේත්, ඩේලි මිරර් පත්තරේත් ය. එය වීඩියෝ කර පෙන්වා ඇත. මිනිසුන් මෙසේ එවන්නේ හාමුදුරුවන්ට දේශපාලන බලතල ද ඇතැයි සිතාය. ඊට හේතුව හාමුදුරුවන් මේ කැත දේශපාලකයින් පන්සල ඇතුලට කැමැත්තෙන්ම ගෙන්වා ගත් නිසාය. මේ පෙත්සම් ඒ කාලයේ මිනිසුන් ආණ්ඩුකාරයාට පෙත්සම් යැව්වා වගේය.
හාමුදුරුවල් කල යුතු මේ පෙත්සම් ලැයිස්තුවක් සදා පොලිස්පතිට ඒවා භාරදී වාර්තාවක් ලබා ගැනීමය.

1 comment:

Categories